වත්තල මීගමුව මාර්ගයේ පිහිටා තිබූ විදුලි උපකරණ අලුත් වැඩියා කරන ආයතනයක තිබී රුපියල් ලක්ෂ 10 කට අධික උපකරණ තොගයක් සොරා ගත් අය අද (10) වත්තල පොලීසිය විසින් අත් අඩංගුවට ගත් බව වාර්තා වේ .
මෙම සැකකරු තවත් අයෙකු සම්බන්ධ කර ගනිමින් පසුගිය 22 වනදා සිට වරින් වර මෙම ගබඩාවෙන් උපකරණ සොරා ගත් බව කියයි.
මෙම ගබඩාවේ තිබී ලැප්ටොප් පරිගණක හතරක් , වතුර මෝටර් හතරක් , රූපවාහිනී යන්ත්‍ර හයක් , කුඩා ශීතකරණ හතරක් සොරා ගෙන ඇති බව කියයි.
මෙම සොර ගැනීම පිළිබදව වත්තල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර මෙම පැමිණිල්ලට අන්ව පොලිසිය විසින් ගෙවල් බිදුම්වල නිරතව සිටි පුද්ගලයෙකු සැකපිට අත් අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ මේ සම්බන්ධව සියලු තොරතුරු අනාවරණය කරගත් බව වාර්තා වේ.
මෙහි සැකකරු 42 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර සොරා ගත් රූපවාහිනී යන්ත්‍ර හතරක් සහ ශීතකරණ හතරක් සොයා ගත් බව සදහන් කරයි.
