වතුකරය තුල පවතින බඹර ප්‍රහාරයන් දිනෙන් දින ඉහළ යාමත් සමග වතුකම්කරුවන් වන තමන්ට වතුකරය තුල නිසි ලෙස රැකියාව කර ගෙන යාමට නොහැකි තත්ත්වයක් පවතින බවට වතු කම්කරුවන් පිරිසක් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ පිළිබඳව වැඩි දුරටත් කරුණු දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට වතුකරය තුල පවතින බඹර ප්‍රහාරයන් වැඩි විමත් සමග වතු කම්කරුවන් කිප දෙනකුම මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි.
මේ වන විට වතුකරය තුල රූස්ස ගස්වල මෙන්ම තේ පදුරු යටද බඹර කූඩු විශාල වශයෙන් පවතින බවත් වතු කම්කරුවන් වතු තුල සේවය කරන සමහර අවස්ථාවලදි මෙම බඹර කූඩු ඇවිස්සි එහි සිටින බඹරුන් ඔවුන්ට පන්න පන්නා පහර දෙන බව සදහන්.
මෙම තත්ත්වයන් මත වතු තුල සේවය කිරිම අවදානම් තත්ත්වයන්ට පත්ව ඇති බවත් මේ පිළිබඳව අදාල නිලධාරින්ගේ දැඩි අවදානය යොමු කර මෙම බඹර කූඩු ඉවත් කිරිමට පියවර ගන්නේ නම් එය තමන්ට කරනු ලබන විශාල සහනයක් බවද එම පිරිස් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.