වැවිලි කර්මාන්ත සහ කෘෂිකර්ම අමාත්‍යාංශවල මගපෙන්වීම යටතේ “වයඹ පුවක් අරුණ” නමින් වසර දෙකක කාලයක් තුල රට පුරා පුවක් පැල පන්ලක්ෂයක් වගා කිරීමේ වැඩසටහනක් වයඹ සමුහ ව්‍යාපාරය මගින් ආරම්භ කොට ඇති බව අවර්තා වේ
වයඹ සමූහ ව්‍යාපාරයේ කෘෂිකර්ම ව්‍යාපෘති අධ්‍යක්ෂ නිමල් වීරතුංග මහතා සදහන් කර තිබෙන්නේ පුවක් හා කරුන්කා සදහා වැඩි ඉල්ලුමක් ආසියානු කලාපය තුල ඇති බව හා ඉදිරි වසර හය තුල දේශීය පුවක් අස්වැන්න වාර්ෂික පුවක් අස්වැන්න මෙන් හතර ගුණයකින් පමණ ඉහල නැංවීමට මෙම ක්‍රියාව හරහා බලාපොරොත්තු වන බවයි.
වැඩිදුරටත් ඔහු සදහන්කර තිබෙන්නේ ආසියා හා මැදපෙරදිග රටවලින් ලැබෙන ඉල්ලුම නිසිපරිදි අපනයනය කරන්නේ නම් වසරකට ඩොලර් කෝටි දහයක පමණ මුදලක් උපයා ගත හැකි බවයි.
