අද දින මේවනවිට වෘත්තීය සමිති වැඩවර්ජනයන් සිදුකරමින් ආයතන ගණනාවකම සේවාවන් අඩපනවී ඇතිබව වාර්තාවේ.
කෙසේ වෙතත් වර්ජන හමුවේ ඉන්ධන සැපයුම සාමාන්‍ය පරිදි කරගෙන යන බව හා ඉන්ධන තොග බෙදාහැරීමේ කටයුතු සඳහා ද මේ වන විට ලීටර් 6,600ක ධාරිතාවකින් යුත් පෙට්‍රල් සහ ඩීසල් බවුසර් 300ක පමණ ප්‍රමාණයක් සූදානම්කර ඇති බව CPC සහ CPSTLහි සභාපති එම්. යූ. මොහොමඩ් මහතා තහවුරු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා තිබේ.
