අද (9) දින සිට රටපුරා වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය විසින් රජය මගින් හඳුන්වා දී ඇති නව බදු ප්‍රතිපත්තිය ඇතුළු රජයේ වත්මන් ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව පළමු වර්ජනය ලෙස අද දින සිට දිවයිනේ සියලු විශ්වවිද්‍යාල වල සහභාගීත්වයෙන් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසා තිබේ. මේ අතර 13 වනදා සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වර්ජන ක්‍රියාමාර්ග සඳහා සහාය පළ කරන බව එහි ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සදහන් කර තිබේ. හා
වර්ජන හමුවේ රටේ පවතින අර්බුදකාරි තත්වය තව තවත් වැඩිවන බැවින් රජය වෘත්තිය සමිති ඉතා වගකුමෙන් කටයුතු කල යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියන්ත දුනුසිංහ මහතා පවසා තිබේ.
