වරායෙත් අලුත් වැඩක්.

වරාය තුළ වෙළඳ නාවික කටයුතු වලදී සහ භාණ්ඩ නිෂ්කාශනයේදී වන ප්‍රමාදයන් වළක්වාගැනීම සඳහා ඩිජිටල් සන්නිවේදන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඊයේ (18) සාකච්ඡාවක් පැවැත්වූ බව වාර්තා වේ.

මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව ආධාරයක් ලබා දීමට කැමැත්ත පළ කර තිබෙන අතර මෙම ඩිජිටල් සන්නිවේදන පද්ධතිය වෙනුවෙන්   ඩොලර් මිලියන 35ක් පමණ වැය වන බව සඳහන්.

මෙම පද්ධතිය මේ වර්ෂය අවසන් වීමට පෙර ක්‍රියාත්මක කරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version