වරාය ජල බහාලුම් පර්‍යන්තයේ අනතුරක්

කොළඹ වරායේ ජල බහාලුම් පර්‍යන්තයේ දොඹකරයක හැච් කවරය ගැලවී යෑමෙන් සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ ප්‍රයිමුවර් රථ රියදුරෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.

දොඹකරයෙහි මෙම කවරය ගැලවුණු අවස්ථාවේදී එම දොඹකරය යට බහාලුමක් සහිතව තිබූ ප්‍රයිමුවර් රථයක රියදුරෙකු මෙලෙස රෝහල් ගත කර ඇති බව සදහන්.

Exit mobile version