කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළෙඳාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකරගෙන යෑම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ඇතුළත් ගැසට් නිවේදනයක් අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ .
ඒ අනුව තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා අයෝජකයෙකු විසින් අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 05ක ආයෝජනයක් කරනු ලැබිය යුතු වන අතර එම අයෝජකයාට තීරු බදු රහිත වෙළෙඳ මෙහෙයුම් සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පළපුරුද්දක්ද තිබිය යුතු බව ද එහි සඳහන් කර තිබේ .
