වලවේ ගගට පැන්න කාන්තාව.

අද (03) පෙරවරුවේ අම්බලන්තොට ප්‍රදේශයේ පාලමක් මතින් කාන්තාවක් වලවේ ගගට පැන ඇති අතර ඇය මීටර් 200ක් පමණ පහළට ගසා ගෙන ගිය බව වාර්තා වේ.

එම අවස්ථාවේ ගග හරහා ගිය ඔරුවක සිටි පුද්ගලයෙක් කාන්තාවගේ කෙස් වැටියෙන් අල්ලා ඇයව බේරා ගැනීමට උත්සාහ දරා ඇති අතර ඇයව බේරා ගැනීමට ආධාරක කිහිපයක් ලබා දුන්නත් ඇය ඒවා ප්‍රතික්ෂේප කළ බව බෝට්ටුවේ සිටි පිරිස ප්‍රකාශ කළ බව කියයි.ඇය ගගට පැන ඇති ස්ථානයේ කිඹුලන් බහුල ප්‍රදේශයක් බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත. මෙම කාන්තාව බෝට්ටුකරුවෙකු විසින් බේරා ගත් බව අම්බලන්තොට පොලීසිය ප්‍රකාශ කළ බව සදහන් කරයි.

මෙලෙස සිය දිවි හානි කර ගැනීමට තැත් කර ඇත්තේ අම්බලන්තොට , පුහුල්‍ යාය ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඇය අම්බලන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය සිය දිවි හානි කර ගැනීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

Exit mobile version