වල් අලියකු කල හදියක්.

ගම්මානයකට කඩාවැදුණු වල් අලියකු පලවා හැරිම සදහා පුද්ගලයකු විසින් තබන ලද වෙඩි ප්‍රහාරයක් කාන්තාවකට වැදී ඇති පුවතක් වාර්තා වේ.

ඒ අරංගල කන්දේගම ප්‍රදේශයෙන් බවයි සදහන් වන්නේ.

වෙඩි වැදුණු කාන්තාව රූපා මාලනී නැමති 52 හැවිරිදි දෙදරු මවක් වන අතර ඇය බරපතල තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුලත් කර පසුව දැඩිසත්කාර ඒකකයට  ඇතුලත් කළ බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සිදුකල පුද්ගලයා 58 හැවිරිදි වියේ පසුවන පුද්ගලයකු වන අතර ඔහු අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.

Exit mobile version