වසර 20කට අනතුරුව විවෘත වන රාජකීය සොහොන් ගැබ.

අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් රැජිණගේ දේහය පිළිබඳ අවමංගල්‍ය උත්සවය අද (19) සිදුකිරීමට නියමිතව ඇත.

ඒත් සමග අද උදෑසන 06.30 වන විට දැනට වෙස්ටිමින්ස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිණගේ දේහයට ජනතාවට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව අවසන් වනු ඇත.

ඉන් අනතුරුව රැජිණගේ දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර වෙස්ට්මින්ස්ටර් දේවාස්ථානයට එරට වේලාවෙන් පෙ.ව.10.44ට පිටත්වීමට නියමිතව ඇති අතර රාජකීයන් ද දේහය සමග පාගමනින් ගමන් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට වේලාවෙන් උදෑසන 11.00 ට වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයේ පැවැත්වෙන දේව මෙහෙය ආරම්භ වීමට නියමිතව ඇත.

අනතුරුව වෙලිංටන් ආක් වෙත රැජිණගේ දේහය රැගෙන යාමට නියමිත අතර එරට වේලාවෙන් පස්වරු 3.00ට දේහය පිළිබඳ අවසන් දේව මෙහෙය පැවැත්වෙන වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානය බලා පිටත්වනු ඇත.

එහි දී අවසන් දේව මෙහෙය එරට වේලාවෙන් පස්වරු 4.00 සිට හෙවත් ශී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 09.00ට පමණ ආරම්භ වීමට නියමිතව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ අවසන් දේව මෙහෙයෙන් අනතුරුව ලන්ඩන් නුවර වින්ඩ්සර් මාළිගා පරිශ්‍රයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පිහිටි රාජකීය සොහොන් ගැබේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය තැන්පත් කිරීමට නියමිතව ඇත.

මෙසේ රාජකීය සොහොන් ගැබ විවෘත වන්නේ වසර 20ට අනතුරුව බව ද සඳහන් වේ.

රැජජිණගේ පියා වන 06 වන ජෝර්ජ් රජු සහ මව් රැජිණගේ දේහයන් ද එම රාජකීය සොහොන් ගැබේ තැන්පත් කර ඇති අතර එළිසබෙත් රැජිනගේ දේහය ද ඒ අසලින් මිහිදන් කිරීමට නියමිතව ඇත.

රැජින අභාවප්‍රාප්ත වන තුරු ආරක්ෂිතව තැන්පත් කර ඇති පිලිප් කුමරුගේ දේහය ද දෙවන එලිසබෙත් රැජිනගේ දේහය සමගින් මිහිදන් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

Exit mobile version