වසර 75 ක් දේශපාලන කූට නාටකයේ උච්චතම අවස්ථාවට එළඹීමට ආසන්නය. නව නළු රසයෙන් රඟ දැක්වෙන ප්‍රහසනයක් වේදිකාවේ වේදිකාගත වෙයි. ඒ නාට්‍යය ජාජබයේය. වේදිකාව පිටුපස රනිල්-පොහොට්ටු, සම්බන්ධන්ලාගේ බලතල බෙදීමය.මේසියල්ල ලංකාවේ දැනට පවතින උග්‍ර ආර්ථික අර්බුධයට විසඳුමක් දැයි තර්කානුකුලව ඔප්පු කළ කිසිවකු නැත.
මැතිවරණයක් වෙනුවෙන් ජනතාව මුලා කර නැටවෙන තිර නාටකය පිටුපස ඇත්තේ සාධාරණ බලතල බෙදීමක් නම් අපි අකැමති නැත. එහෙත් බලතල බෙදීමක් හා විසඳුමක් අවශ්‍යව තිබුණේ 2009 මැයි 19 න් පසු වසර භාගයක් ඇතුලතය. අනවශ්‍ය මොහොතක ජනතාව කුසගින්නේ තබා, දුර්වල කර ජනමතය පාලනය කරන්නට එක කණ්ඩායමකුත් , රට පාලනයට තවත් කණ්ඩායමකුත් යොදාගෙන මේ කරන කූට නාටකය ලංකාව මේ මොහොතේ පිළිතුරු දියයුතු පළමු ප්‍රශ්නය නොවේ. මෙය තවත් පවුල් දේශපාලනය උතුර දකුණ භේදයක් නැතිවම ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙලකි.
දේශපාලලා (දමිලද ඇතුළුව) වසර 75 ක් තිස්සේ අපේ දමිල ප්‍රජාවට කරන ලද අසාධාරණකම් අවසන් කිරීමක් මෙයින් අදහස් නොවන බව දන්නේ කව්රුන්ද?. වෙනම පාලනයක් එපා යයි කියන අඩු සැලකිලි ලබන කුලවල තරුණයන් නැවත කැරැල්ලකට පෙළඹවීමක් ද මේ තුල සිදුවිය හැකිය. කෙසේ නමුත්..නාටකය… එතරම් සුන්දර නැත.
මුහුදු තීරය පාලනය වීමේදී ආසියා -ෆැසිෆික් භූ දේශපාලනය මේ බෙදීම තුළ ඔවුන්ගේ ලෝක දේශපාලනයේ අරමුණු ක්‍රියාවට නංවන බව පැහැදිලිය. නාටකය කෙසේ නමුත් උත්කර්ෂයට යයි. මෙවර එය නල්ල මලේ ප්‍රහසනයක් වන්නේ ජවිපය චන්ද්‍රිකාගෙන් වෙන්වීම හා මහින්දට සපෝර්ට් කිරීමට දක්වන හේතුව ඌරා ගේ ශරීරය ඒ මතම තබා කපා දැමීමේ තියරිය බාවිතා වෙන බැවිනි. භූ දේශපාලනය එසේය. සම්බන්ධන් මිය යාමට පෙර ඔහුගේ සිහිනය සැබෑ කර දීමටත් ඒ හරහා නාමල් ට නැවතත් රට බේරා ගැනීමේ අවස්ථාවක් උදාකිරීමටත් මයින්ද ට හොඳ අවස්තාවක් උදාවෙමින් පවතී. අපේ දරුවන්ට මව්බිම හැරගොස් ඩොලර් එවන ලෙසත්..ජාජබය පත්වූ පසු එසේ එවන ඩොලර් වැසි ලෙසින් වසින බවටත් මතය සැකසීම මේ නාටක යේම කොටසයි.ඛේදනියම කොටසයි..අපේ දරුවන්ට රටේ ඉන්නට නොදෙන රටක් අපිට කුමකටද? picture is from internet
ටිකිරි සුභාෂනි විෆ්ලර්
