සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50ක කාලයක් වසා තැබෙණ බවට පසුගිය දිනක වාර්තා වුණි.
ඒ බොරතෙල් නොගෙන්වීම හේතු කොටගෙන වන අතර තෙල් පිරිපහදුව සඳහා බොරතෙල් නොමැති හෙයින් මේ වන විට සේවකයින් නිකරුණේ සිය කාලය ගත කරන බව වාර්තා වී ඇති.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ සිදු නොවූව ද එහි සේවකයින් දිනපතා රාජකාරියට වාර්තා කරන අතර ඒ සඳහා මාසිකව රු.කෝටි 10ක් පමණ වැය වන බවයි සඳහන් වන්නේ.
බොරතෙල් ගෙන්වනවා නම් ඒ තුළින් පරිභෝජනය සඳහා අවශ්‍ය දැව්තෙල්, ගුවන් යානා තෙල් සහ භූමිතෙල් ආදිය සපුගස්කන්ද පිරිපහදුව හරහා නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව තිබූ බවත් පිරිපහදුව වසා දැමීම හේතුවෙන් එම තෙල් වර්ග ද ඩොලර් ගෙවා ආනයනය කිරීමට සිදුව ඇති බව ද ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා ප්‍රකාශ කර ඇත.
