පොලිස් බලතල නොමැතිව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
කරුණු මාලාවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා අඟහරුවාදා (18) පාර්ලිමේන්තුවේදී දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් හමුවූ අතර, මෙම රැස්වීම පිළිබඳව බොහෝ පාර්ශ්ව කනස්සල්ල පළ කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති එහිදී මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේ, එම යෝජනා සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇති බවයි.
පොලිස් බලතල හැර යෝජනාවේ සඳහන් සියලු බලතල ලබාදීමට හැකියාව තිබුණද, පොලිස් බලතල ඇතුළත් කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ එකඟතාව අවශ්‍ය වන බවට ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් පළකරන දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක ජනාධිපති නීතීඥ එම්.ඒ සුමන්තිරන් සඳහන් කරන්නේ, ජනාධිපතිවරයා හමුවීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණු බවයි.
දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීමේ දී දෙමළ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වෙන බව ලෝකයට හුවා දැක්වීමට පැවැත්වූ මෙම රැස්වීම, විශේෂයෙන් ඉන්දියාවට ‘ප්‍රදර්ශනයක්’ පමණක් බවට ඔහු ප්‍රකාශ කර තිබේ.
“ඔහු ව්‍යවස්ථාවේ ඇති කිසිවක් ක්‍රියාත්මක කිරීමටවත් කැමති වූයේ නැත,” සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.