ව්‍යාජ අංක තහඩුවක් සවි කළ මෝටර් රථයක් වැල්ලම්පිටිය නිවසක ඇති බවට ලද තොරතුරකට අනුව මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මෙම මෝටර් රථය අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට මෙම මෝටර් රථයේ අංකය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී අනාවරණය වී ඇත්තේ මෙම අංකය වෙනත් මෝටර් රථයකයට අයත් අංක තහඩුවක් බවයි.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු ප්‍රකාශ කර ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පුද්ගලයෙකු නීතීඥවරයෙකු ඉදිරිපිට මාස 4 කින් බේර ගන්නා බවට පොරොන්දු වී අත්සන් කළ ගිවිසුමකට අනුව මෙම මෝටර් රථය ඔහුට ලබා දී ලක්ෂ 20 ක මුදලක් බණ්ඩාරගම ප්‍රදේශයේ පුද්ගලයාට ලබා දුන් බවයි.