වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් ඉල්ලීමක්.

වාහන ආනයනය සදහා අවශ්‍ය ඉඩකඩ සලසා දෙන ලෙස වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංක වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චි මහතා ,

” ජනාධිපතිතුමා ජපානයේ ගිය වෙලාවේ අපේ අපනයනකරුවන් හමුවෙලා කියලා තිබ්බා.. තව ටික කාලයකට වාහන ගේන්න අමාරුයි කියලා. තව විසඳන්න ඊට වැඩිය ප්‍රශ්න තියෙනවා කියලා. මේ ක්ෂේත්‍රයේ දැනුම තිබෙන්නේ අපිට. අපිට පුළුවන් මේක කරන්න. ඩොලර් යන්නේ නැතුව ජපානයෙන් අපිට ණය අරගෙන කරන්න පුළුවන්. අලුත් වාහනයකින් 70%ක් අඩුවෙන් ගෙන්වන්න පුළුවන්. උදාහරණයක් හැටියට ලංකාවේ දැන් තිබෙන VITZ කාර් එකක් ජපානයෙන් අපිට ගන්න පුළුවන් 2017 එකක් ලක්ෂ 10ක් 12කට විතර. ඒ වගේ වාහනයක් අපිට මෙහෙ සාධාරණ මිලකට දෙන්න පුළුවන්.”

Exit mobile version