වාහන ආනයන සීමා කිහිපයක් ළඟදීම ඉවතට.

වාහන ආනයන සීමා කිහිපයක් ඉදිරි සතියේදී ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එච් . එස් . කේත තුන්සිය හතරක් හැරෙන්නට අනෙකුත් වාහන සීමා කිරීම් මෙසේ ඉවත් කරන බවත් , රජය මුලින් ගත් තීරණය වෙනස් කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

” ඉදිරි සතියේදී පුද්ගලික වාහනවලට අදාල එච්.එස් කේත තුන්සිය හතරකට අදාළ සීමාකිරීම් හැර අනෙක් සීමාකිරීම් ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික පරිහරණය සඳහා තියෙන වාහනවලට. එච්.එස් කේත 299 කුත් වෙළෙඳ වාහන හැට හතකුත් සීමා ඉවත් කිරීමට අදාළ වෙනවා. පරණ ගත්ත තීරණය වෙනස් කළා. “

Exit mobile version