වාහන පින්තාරුකරුවන් අමාරුවේ වැටෙයි.

වාහන අලුත්වැඩියාව සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ගණන් මේ වන විට සීග්‍රෙයන් ඉහළ ගොස් තිබේ.

මෙනිසා වාහන පින්තාරුකරුවන් සහ ටින්කරින් සේවාවල නිරතවන්නන් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බව නොච්චියාගම ප්‍රෙද්ශයේ වාහන පින්තාරුකරුවන් සහ ටින්කරින් සේවාවල නිරතවන්නන් ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වය හමුවේ තම සේවා ලබා ගැනීමට පැමිණෙන පිරිසෙහි විශාල අඩුවීමක් දක්නට ලැබෙන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

මෙනිසා රටේ පවතින ආර්ථික තත්ත්වය සමග වාහන පින්තාරුකරුවන් සහ ටින්කරින් කටයුතුවල නිරතවන්නන් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බව සඳහන් කරයි.

Exit mobile version