අද (24) අලුයම ඇති වූ ගින්නකට රුසියාවේ, කෙමරෝවෝ නගරයේ වැඩිහිටි නිවාසයක් හසුව තිබේ.
එම ගින්නෙන් වැඩිහිටියන් 20 පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 06 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙසේ මෙම ගින්න හටගෙන ඇත්තේ වැඩිහිටි නිවසක් ලෙස ලියාපදිංචි නොකළ ගොඩනැගිල්ලක බව ද වාර්තා වේ.
