වැඩ වැරදුන වෙළදුන් – පාරිභෝගිකය නඩු මගට.

තලවකැලේ නගරයේ පාලන මිලට වඩා වැඩි මිලට කළු කඩ වෙළදුන් බිත්තර අලෙවි කරන බවට ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මකවූ  නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පාලන මිල ඉක්මවා වැඩි මිලට බිත්තර අලෙවි කළ එම නගරයේ වෙළෙඳුන් හතර දෙනෙකු හට එරෙහිව නෛතික පියවර ගෙන ඇති බව වාර්තා වේ.

බිත්තර මිල ඉහළයාම පාලනය කිරීම සඳහා සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44 ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙස සදහන් කරමින්  ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබියදී එම වෙළදුන් රතු බිත්තරයක් රුපියල් 50 ට සහ සුදු බිත්තරයක් රුපියල් 48 ට අලෙවි කර  ඇති බවයි සදහන් වි ඇත්තේ.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රධානී අමිල රත්නායක මහතා දැනුන්දී ඇත්තේ  අදාළ වෙළෙඳුන් හට  මේම  මස 28 වන දින  නුවරඑළිය දිසා අධිකරණයේ පෙනි සිටින ලෙසට උපදෙස් ලබාදුන් බවයි.

Exit mobile version