වැල්ලවාය, ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්දේයාය කැලෑබද ප්‍රදේශයේ තිබී පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙන බව වාර්තා වේ .
වැඩි දුරටත් වාර්තා වන්නේ මළ සිරුර නරක් වී විනාශ වී ඇති බවත් , මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මේ වන විට තහවුරු වී නොමැති බවත් ය.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හැත්තෑවක පුද්ගලයකු වන අතර, මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන් .
ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (13) සිදුකිරීමට නියමිත අතර, කුඩාඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි .
