වැස්සත් එක්ක බෝවන රෝග තුනක්.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට බෝවන රෝග තුනක් පැතිර යමින් පවතින බව වාර්තා වේ .

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ අක්ෂි රෝගයක්, පාචන රෝගයක් සහ ශ්වසන අපහසුතා සහිත උණ රෝගයක් මෙලෙස ඇතැම් ප්‍රදේශවලින් වාර්තාවන බවයි.

මෙම තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව සිය සෞඛ්‍ය පුරුදු පිළිබඳ ඉහළ සැලකිල්ලක් දැක්විය යුතු බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ,

“මේ රෝග තුනම පාලනය කරගැනීම සඳහා පෞද්ගලික පිරිසිදුකම ඉතාම වැදගත්. ඒ වගේම පවතින ගංවතුර තත්ත්වය පහව යනවාත් එක්කම දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් වාර්තා වුණා. කෙසේවෙතත් ඒ ව්‍යවසනය වළක්වා ගැනීම සඳහා මහජනතාව සම්පූර්ණයෙන් සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. එහෙම වුණොත් ජීවිත විශාල ප්‍රමාණයක් ඉදිරියේදී පරිස්සම් කරගන්න පුළුවන් වෙයි.”

Exit mobile version