වික්ටෝරියාවෙන් මතු වූ නාඳුනන මළ සිරුර.

මහනුවර වික්ටෝරියා ජලාශයේ හාරගම ප්‍රදේශයේ තිබි නාදුනන මළ සිරුරක් හමුව ඇත .

දින 3 කට පමණ පෙර මියගිය වයස අවුරුදු 60ක් පමණ වන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙසේ සොයාගෙන ඇති බව වාර්තා වේ.

මෙම මළසිරුර ජලාශයෙ මාළු අල්ලන්නෙක් දැක තලාතුඔය පොලිසිය වෙත දැනුම්දි ඇත.

ඒ අනුව එම ස්ථානය ඊයේ රාත්‍රි සිට ආරක්ෂාව යොදවා මහෙස්ත්‍රාත් පරීක්ෂණ සදහා සුදානම් කර තිබේ.

Exit mobile version