2019 සිට 2022 වසර දක්වා උසස් පෙළට පෙනී සිටි කිසිදු කණ්ඩායමකින් මේ වන තෙක් විද්‍යාපීඨ සඳහා බඳවා ගැනීමට ගැසට් කර නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මහත්මිය සඳහන් කර ඇති බව වාර්තා වේ.
ඇය ප්‍රකාශ කළේ, ගුරුවරුන් විශාල පිරිසකගේ හිඟයක් වර්තමානයේ පවතින නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය එම හිඟය පියවා ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
රට මේ වනවිට අධ්‍යාපනය හමුවේ භයානක අනතුරක ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
