විදුලිය බිලිගත් තරුණයා

විදුලි සැර වැදීම හේතුවෙන් මුන්දලම අක්කර 60 ගම්මානයේ පදිංචි අවුරුදු 26 ක අවිවාහක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මුන්දලම කිරීමට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ ඉල්ලීමට මාර්ගයේ දිවෙන විදුලි රැහැනකින් විදුලිය ලබාගෙන විදුලි පහනක් සවිකිරීමට ගිය අවස්ථාවේ දී මෙම සිදුවීම සිදු වූ බවත් ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට විදුලි කණුවක ආලෝක පහනක් ඉනිමගක ආධාරයෙන් සවි කිරීමට කටයුතු කරමින් සිටියදී විදුලිසැර වැඳී මෙසේ මරණයට පත් වන්නට ඇති බවත් තවදුරටත් වාර්තා වේ.

Exit mobile version