විදුලිය යථා තත්ත්වයට පත්වීමට දින 03ක් ගතවේ – විදුලිබල අමාත්‍යංශය

විදුලිබල අමාත්‍යංශය සඳහන් කරන්නේ නොරොච්චෝලේ බලගාරය යථා තත්ත්වයට පත්කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පැයක පමණ කාලයක් විදුලිය බිඳවැටීම් සිදු වන බවයි.

ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ පස්වරු 06.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය තුළ දී මෙම විදුලි බිඳවැටීම් සිදුවන බවයි.

නොරොච්චෝලේ බලාගාරයෙන් සපයනු ලබන මෙගාවොට් 900 පූර්ණ ධාරිතාවය ජාතික පද්ධතියට එක්කිරීමට දින 03ක පමණ කාලයක් ගතවිය හැකි බවයි විදුලිබල අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Exit mobile version