විදුලිසැර වැදී  ගවයන් 7 ක් මරුට.

ඊයේ (24) දින මැදගම අලම්මුල්ල ප්‍රදේශයේ දී විදුලි සැර වැදී එල ගවයන් හත් දෙනකු මියගොස් ඇති බව වාර්තාවේ.

ඒ එම ප්‍රදේශයට එදින ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ඇතිවූ අකුණු සැර වැදීමෙන් බව සදහන් වේ.

මෙම ගවයන් වර්ෂාව හේතුවෙන් ගසක් යටට වී සිටියදී අකුණු සැර වැදී ඇති අතර එම සත්වයන් එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් පසුව ප්‍රදේශවාසීන් එක්ව ඔහුන් එකම වලක මිහිදන් කර ඇති බවත් වාර්තා වේ.

ඡායාරූප අන්තර්ජාලයෙන්.

Exit mobile version