විදුලි ඉංජිනේරුවන් කළේ බොරුවක්?

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ එළඹෙන 2023 වර්ෂයේ ජනවාරි මස පැය 08ත් 10ත් අතර කාලයක් විදුලිය කප්පාදු කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.

පසුගිය දා විදුලි ඉංජිනේරුවන් විසින් සඳහන් කළ නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු නොමැතිවීමෙන් ඉදිරි සතියෙන් පසු විදුලි කප්පාදුව පැය 10 ක් දක්වා දීර්ඝ විය හැකි බවට කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලදී.

කෙසේ නමුත් ඊයේ (22) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න සඳහන් කර ඇත්තේ වගකීමක් වශයෙන් තම සංගමය විසින් විදුලි අර්බුදය සම්බන්ධයෙන් දැනුම් දුන් බවයි.

Exit mobile version