විදුලි බිලට එරෙහි වු සභාපතිට අපරාධ නඩු ??. නිල කාර්යාලයට මුද්‍රා තබයි.

විදුලිය කපා හැරීම සහ විදුලි බිල වැඩි කිරීම නිසා මහජනතාව පීඩා විදින ආකාරය අග හිගකම් නොමැති අයට නොතේරීම සාමාන්‍ය දෙයක් නොවේ. මහජනතාව පත්කරගෙන තිබෙන්නේ ඔවුන්ගේ නායකයන්ය. කෙසේ නමුත් මහජනතාව ගැන නොසිතා දේශපාලන වුවමනාවන් ක්‍රියාත්මක කරනුයේ රාජ්‍ය නිලධාරීන් බව නැවතත් පෙන්වමින් ඊයේ (15) සිට නැවත විදුලි බිල වැඩි විය. නමුත් මහජන උපයෝගීතා කොමිෂමේ සභාපතිවරයාගේ අත්සන නොමැතිව කොමිෂමේ බහුතර සාමාජකයන් ලෙස පත් වු අය විසින් එය අනුමත කර තිබුණි.

එවන් පසුබිමක් යටතේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති නිල කාර්යාලයට කොල්ලුපිටිය පොලිසිය මුද්‍රා තබා තිබේ. ඒ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්ථාවක් සලකා බැලු කොටුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මතය.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වන වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා ලබා දී ඇති මෙම නියෝගයට අනුව එය මුද්‍රා තබා පොලිස් ආරක්ෂාව යටතට පත්කර තිබේ. කොල්ලුපිටිය ප්‍රදේශයේ පිරිසක් පැමිණ අදාළ කාර්යාලයේ තිබෙන වැදගත් ලියකියවිලි විනාශ කිරීමට උත්සාහ කරන බවට කොල්ලුපිටිය පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත මෙසේ මුද්‍රා තබා තිබෙන බැවින් යම් නොපෙනෙන බලවේගයක යම් ක්‍රියාවක් සිදුවෙමින් පවතින බව පෙනේ.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වගන්තිය මෙසේය.

විමර්ෂණයක් පවත්වාගෙන යාමට සහාය දෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබුවේ යම් මහේස්ත්‍රාත්වරයෙකු වෙතද ඒ සෑම මහේස්ත්‍රාත්වරයෙකු විසින්ම, නිසි ආඥා කිරීමෙන් සහ අධිකරණ නියෝග නිකුත් කිරීමෙන්, විමර්ෂණයක් පැවැත්වීමට සහාය දිය යුතු අතර, විශේෂයෙන්ම වරදකරු කවරෙක්ද යන වග නිසැකවම දැනගැනීමේ කාර්‍යය සදහා හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීම හෝ පැවැත්වීමට බලය දීම සහ ඒ කාර්‍යය සදහා ඒ පෙරෙට්ටුවට සහභාගීවන ලෙස සැකකරුවෙකුට හෝ වෙනත් යම් තැනැත්තෙකුට නියම කිරීම සහ ඒ පෙරෙට්ටුවේ කටයුතු පිලිබද වාර්ථාවක් පිලියෙල හෝ පිළියෙල කිරීමට සැලැස්වීම හෝ කරනු ලැබිය යුතුය” ලෙස සදහන් වේ.

පසුගිය කාලය පුරාම අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහ මහජන උපයෝගීතා කොමිෂමේ සභාපතිවරයා අතර මත ගැටුමක් ඇති විය. එහිදී එක් අවස්ථාවක අමාත්‍ය කාංචන විසින් මෙම සභාපතිගේ වැරදි ගණනාවක්ම ප්‍රකාශ කරන ලදී. ඒ අනුව මෙම වගන්තිය දෙස බලන විට පෙනී යන්නේ මහජන කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතාට විරුද්ධව අපරාධ චෝදනා යටතේ නඩුවක් පවරා ඇති බවයි. එසේත් නැතිනම් එසේ නඩුවක් පැවරීමට අවශ්‍ය මුලික පරික්ෂණ සිදු කරන බවය. එසේත් නොමැතිනම් ඔහුට විරුද්ධව යම් කුමන්ත්‍රණයක් සිදුවෙන බවය. කෙසේ නමුත් මෙම සිද්ධීන් සහ වැඩි තොරතුරු මෙන්ම කාංචන විජේසේකර මහතාගේද යම් යම් වැරදි සහ චෝදනාද සියල්ලම ඉදිරියේදී බලාගත හැකි වනු ඇත.

මෙතෙක් කල් ගැටලුවක් නොමැතිව තිබියදී විදුලි බිල වැඩි කිරීමට එරෙහි වු සභාපතිගේ කාර්යාලයට තර්ජන කරන්නෝ කව්ද?.??

Exit mobile version