විදුලි සැර වැදී පාසැල් සිසුවෙකු අවසන් ගමන් යයි.

යාපනය , තෙලිප්පලෙයි , කටුවන්පුලම් ප්‍රදේශයේ දී පාසැල් සිසුවෙකු සිය නිවස ඉදිරිපස පිහිටා තිබූ කොහොඹ ගසක අතු කැපීමට ගොස් එම කොහොඹ අතු විදුලි රැහැනක ගැටීම හේතුවෙන් සිසුවාට විදුලි සැර වැදී සිසුවා ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ .

මෙම සිසුවා එම ප්‍රදේශයේ ම පදිංචි 18 හැවිරිදි අයෙක් වන අතර නමින් එස් , මදුෂන් නැමැත්තෙක් බව සදහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලෙයි පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව කියයි.

Exit mobile version