ඇමරිකානු පුද්ගලයකු විසින් තමාගේ 22 හැවිරිදි දියනිය හට හික්කඩුව සම්බාහන ආයතනයකදී ලිංගික අතවර කළ බවට ශ්‍රී ලංකාවේ සංචාරක කොට්ඨාශ අධ්‍යක්ෂක වරයා හට ඇමරිකාවේ සිට විද්‍යුත් තැපෑල ඔස්සේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට මෙම සිදුවීම සිදුව ඇත්තේ මෙම තරුණිය දෙමාපියන් සමග මෙරට සංචාරයකට පැමිණි අවස්ථාවකදී තම මව සමග මෙම සිදු වීම සිදුව ඇති සම්බාන ආයතනය වෙත දෙසැම්බර් මස 26 වන දින ගිය අවස්ථාවකදී බවයි.
සංචාරය අවසන් කොට නැවතා ඇමරිකාවට ගිය අවස්ථාවේදී තරුණිය විසින් මෙම සිදුවීම දෙමාපියන් හට පවස ඇති බවයි සදහන් වන්නේ.
ගාල්ල ළමා හා කාන්තා කාර්යංශය ගාල්ල පොලිසිය එක්ව විමර්ශන ආරම්භ කර ඇති බව සදහන් වේ.
