එංගලන්ත ජාතික තරුණියක් තම මව්පියන් සමග කිරින්ද ඇතුළු අවට ප්‍රදේශවල සංචාරය කිරීමෙන් පසු රාත්‍රී නවාතැන් ගැනීම උදෙසා එම ප්‍රදේශයේ පිහිටි නවාතැන්පළක් අසළට පැමිණ ඇති අතර මව්පියන් දෙදෙනා නවාතැන්පොළ පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ මෙම තරුණිය මාර්ගය අසළ තනියම රැදී සිට ඇති බව වාර්තා වේ .
එම අවස්ථාවේ දී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එම තරුණියට අතවර කිරීමට තැත් කර ඇති අතර සැකකරු සමග විදෙස් තරුණිය පොරබැද පසුව සැකකරු ඔහුගේ ජංගම දුරකථනය ද දමා පලා ගොස් ඇති බව වාර්තා වේ.
අනතුරුව සැකකරු පොලීසිය අත්අඩංගුවට ගෙන ඊයේ (23) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ බව වාර්තා වේ.මෙම සැකකරු ධීවරයෙකු බව කියයි.
