විදෙස් මුදල් තොගයක් පිටකොටුවෙන් මතු වේ.

නීතිවිරෝධී වත්කම් විමර්ශන නිලධාරීන් විසින් නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි විදෙස් මුදල් තොගයක්  සිය භාරයට ගෙන ඇත.

මෙම වැටලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සහ ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව සිදු කර ඇත්තේ උණ්ඩියල් ක්‍රමයට මුදල් හුවමාරු කරන බවට ලද තොරතුරු මතය.

පිටකොටුව ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව සංචාරක ඒජන්සියක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයෙක් සන්තකයේ තිබී මෙම මුදල් තොගය සොයාගෙන ඇත.

අදාළ පුද්ගලයා සතුව තිබී අමෙරිකානු ඩොලර් 2,400ක්, ඔස්ට්‍රේලියානු ඩොලර් 900ක්, ස්ටර්ලින් පවුම් 1,000ක්, ජපන් යෙන් 40,000ක් සහ යුරෝ 200ක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සහ ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් එක්ව විසින් සිදු කරයි.

Exit mobile version