විදෙස් රැකියාවන්හි නිරතවන ශ්‍රමිකයන්ට පණිවිඩයක්

විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි නොවී විදේශ රැකියාවල නිරතවන ශ්‍රමිකයන් සඳහා ලියාපදිංචි වීමට විශේෂ සහන කාලයක් ලබා දී ඇත.

ඒ අනුව එම සහන කාලය එළඹෙන 15 වන දා සිට දෙසැම්බර් මස 14 වනදා දක්වා ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරන්නේ.

අදාළ සහන කාලය ලබා දී තිබෙන්නේ කාර්යංශයේ ලියාපදිංචි නොවී නිත්‍යානුකූල නොවන ආකාරයන්ගෙන් විදෙස් ගතව රැකියාවල නිරත ශ්‍රමිකයින් සහ අදාළ කාලය ඉක්මවා ගොස් ලියාපදිංචිය යාවත්කාලීන නොකර තවදුරටත් සේවයේ නිරතවන විදෙස් ශ්‍රමිකයින් සඳහා වේ.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රැකියාවේ නිරත රටේ තානාපති කාර්යාලය වෙත ගොස් වලංගු වීසා බලපත්‍රය සහ රැකියා ගිවිසුම හෝ පත්විම් ලිපිය ඉදිරිපත් කර අදාළ ගාස්තුව ගෙවා ලියාපදිංචිය ලබාගත හැකි බවයි.

Exit mobile version