ශ්‍රී ලාංකිකයින් සහ විදේශිකයින් අතර විවාහ ලියාපදිංචි කිරීමේ දී අවශ්‍ය ලේඛණ පිළිබඳ පැහැදිලි කළ නව නිවේදනයක් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
ඒ අනුව විදේශීය ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු අතර සිදුවන විවාහ ලියාපදිංචි කිරීමක දී එම විදේශීය පාර්ශවය විසින් ලබාගන්නා ලද පහත සඳහන් ලේඛන මත පදනම්ව විවාහ ලියාපදංචි කිරීමේ ආඥා පනත යටතේ විවාහය ලියාපදිංචි කිරීම සිදුකරනු ලබයි.
01.වලංගු විදේශ ගමන් බලපත්‍රයක්
02.සිවිල් තත්ත්වය සනාථ කිරීමේ සහතිකයක් (අවශ්‍යතාවය මත දික්කසාද ලියකිවිලි / වැන්දඹු බව සනාථ කිරීමේ ලියකියවිලි)
03.උප්පැන්න සහතිකය (උපන් දිනය සනාථ කරගැනීමට අවශ්‍ය වුවහොත් පමණක්)
කෙසේ නමුත් මේ වන විට විදේශීය පාර්ශවය සම්බන්ධයෙන් වූ ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්වරුන් මගින් පමණක් එවැනි විවාහ ලියාපදිංචි කිරීමට විදේශීය ජාතිකයින් සහ ශ්‍රී ලාංකිකයින් අතර සිදුවන විවාහ ලියාපදිංචි කිරීමෙන් ජාතික ආරක්ෂාවට ඇතිවන බලපෑම සහ උද්ගත වියහැකි සාමාජීය ගැටළු සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර ඇති කරගත් එකඟතාවයකට අනුව සිදු කිරීමට තීරණය කර ඇත.
