ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් පමණ ලබා දීමට පොරොන්දු වී ඇති බවට විදේශ අමාත්‍යාංශය නිකුත් කර තිබූ ප්‍රකාශය ලෝක බැංකුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ Faris H. Hadad-Zervos සදහන් කර තිබෙන්නේ, ලෝක බැංකුව බ්‍රිජ් ණය පහසුකමක් හෝ නව ණය බැඳීමක් ලෙස ශ්‍රී ලංකාවට ආධාර කිරීමට සැලසුම් කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි.
ලෝක බැංකුව ශ්‍රී ලාංකිකයන් ගැන සැලකිලිමත් වන අතර, ආර්ථික ස්ථාවරත්වය සහ පුළුල් වර්ධනයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්ති පිළිබඳව උපදෙස් දීම සඳහා IMF ඇතුළු අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවද නිවේදනයේ සදහන් කර තිබේ.
පිළිගත හැකි සාර්ථක ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකරන බවද ඔහුගේ නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලාංකිකයනට අවුරුදු ගනනාවක් පුරා බොරු කල ශ්‍රී ලාංකිකයන්ගේ පාලකයන් තවමත් පාඩම් ඉගෙන ගෙන නොමැති අතර ඔවුන් තවමත් සිතාගෙන සිටින්නේ ශ්‍රී ලාංකිකයන් නූගතුන් බවය. පසුගියදා අමාත්‍ය කාංචන විජේසේකරද රුසියාව හා සම්බන්ධවද කල ප්‍රකාශයද රුසියාව මගින් ප්‍රතික්ෂේප කරන ලදී.
ලෝක බැංකුවේ නිවේදනය පහතින් බලන්න
“ECONOMYNEXT – The World Bank reiterated on Monday (30) that it does not plan to offer new financing to Sri Lanka until an adequate macroeconomic policy framework is in place.
World Bank Country Director for the Maldives, Nepal and Sri Lanka Faris H. Hadad-Zervo tweeted Monday afternoon that media reports of World Bank support highlighting specific numbers were inaccurate.
He was ostensibly referring a statement by Sri Lanka’s Foreign Ministry that had claimed World Bank Country Manager in Colombo Chiyo Kanda had assured USD 700 million to Sri Lanka in the next few months.
“Recent media reports have given specific numbers of immediate World Bank support. This is not accurate. We are concerned for the people of #SriLanka and are working closely with development partners.
“We are repurposing some resources from existing projects & advising on policies to restore economic stability & help reverse policies of the past. Until an adequate macroeconomic policy framework is in place, the World Bank does not plan to offer new financing to Sri Lanka,” he said”
