රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ, ගොඩකවෙල නගරයේ පිහිටි තෙල් පිරවුම්හලක් අසල ඊයේ (22) දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබුණු බව වාර්තා .
දින ගණනාවක් පුරා ඉන්ධන පෝලිමේ රැඳි සිටි පිරිස පසෙකලා විටින් විට පැමිනෙන පිරිස් ඉන්ධන ලබා ගැනීමට උත්සහ කිරීමත් සමඟ මෙම තත්ත්වය පැනනැගී ඇත. මෙම තත්ත්වය පොලිස් නිලධාරීන්ට හෝ හමුදා නිලධාරීන්ට පාලනය කරගත නොහැකි තත්වයක් බවට පත්ව තිබු අතර පෝලිම් වලට පිටින් පැමිණි ජනතාව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා වන ලෙස තම යතුරු පැදි නවතා තිබී ඇත. එම හේතුවෙන් මාර්ගයේ වරින් වර ගමන් ගත් ගිලන් රථ 5 කට පමණද එම ස්ථානයෙන් ගමන් කිරීමට දැඩි බාධා ඇතිව තිබුණි..
මෙහිදී පිරිස් අතර ගැටුම් හටගෙන ඇති බවත් මාධ්‍ය වේදීන්ට පවා පහර දීමට උත්හසාහ දරා ඇත. විශේෂයෙන්ම ඉන්ධන සැපයෙන් පිරවුම් හලින් ඉනධන ලබා ගෙන එහි පිටුපසට ගොස් ඉන්ධන ඉවත්කර නැවත ඉන්ධන පෝලිමේ ඉදිරියටම පැමිණි සිද්ධියක් වීඩියෝ කර ගන්නා ලද අප මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදියාගේ ජංගම දුරකථනය පවා උදුරාගෙන එයට හානි සිදු කර තිබෙන අතර ඔහුගේ වටිනා උපැස් යුවලට හානි සිදුව තිබේ. එසේම ඔහුට පහර දී ඇති නමුත් ගොඩකවෙල නගරයේම තරුණයන් ඉදිරියට පැමිණ මාධ්‍යවේදියා අරකෂා කර තිබේ. මාධ්‍යවේදියා සමග ගැටුණු පුද්ගලයන් 5 දෙනෙකුගෙන් දෙදෙනෙකු පසුව පැමිණ සමාව අරගෙන තිබෙන අතර අනෙකුත් පුද්ගලයන් එවෙලේම එම ස්ථානයෙන් අතුරුදහන්ව තිබේ. ඒ පිලිබදව ගොඩකවෙල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එසේම පවතින ආර්ථිකමය යුද්ධය ඇති වූ මාර්තු 31 වැනි දා සිට මේ දක්වා මාධ්‍යවේදීන් ගනනාවකට තර්ජන, පහරදීම් සිදුව තිබේ. කිහිප දෙනෙකුගේම ජීවිත අහිමි වන තරමට පහරදීම් සිදු වුයේ මිරිහනේදිය . එහිදී චෝදනා එල්ල වුයේ විශේෂ කාර්‍ය බලකායටයි. එම පහරදීම් වලින් චෝදනා ලැබූ ආරක්ෂක නිලධාරීන්ට දඩුවම් විදීමට සිදුවනු ඇත. එසේම පසුගියදා පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් දෙදෙනෙකුට තර්ජනය කල පාර්ලිමේන්තුවේ පිස්සු හැදුනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද දැඩි විරොදයක් එල්ල මන්ත්රිවරුන්ගෙනි.
එසේම පසුගියදා (17) මුලතිවු මල්ලාවි ඉන්ධන පිරවුම්හලේදී මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලනට පහරදුන්නේ නාදුනන පුද්ගලයෙකි. අපට වාර්තාවන ආකාරයට මෙසේ පොලිසියට ඇතුළු ආරක්ෂක අංශවලට ජනතාව පාලනය කිරීමට නොහැකිව තිබෙන්නේ සදාචාරයක්, විනයක් නැති මෙන්ම විවිධ දූෂණ, වංචා වල යෙදෙන පුද්ගලයන්ය. නගරවල සිටින විවිධ දේශපාලඥයන්ගේ මන දොළ පිර වූ පුහු චන්ඩින් විවිධ බලපෑම් කරමින් අශික්කිත ලෙස කටයුතු කරන බව නොරහසකි.
ගොඩකවෙලද සිදුව ඇත්තේ එවැනිම සිද්දියකි. චන්ඩිකම් කරමින්, විවිද පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඉන්ධන පොලිම් පැත්තක් දමා යන විවිද සමාජ විරෝදී කටයුතු සිදුකරන පුද්ගලයන් කිහිපදෙනෙකු නිසා එම තත්වය උදා වි තිබේ. කෙසේ වුවත් නීතියට අනුව කිසිදු පුද්ගලයෙකුගේ නීතිමය අයිතිවාසිකම් වලට බාධා කිරීමට කිසිම පුරවැසියෙකුට නොහැකි අප අවධාරණය කරන්නෙමු.
ඉන්ධන පිරවුම්හල වලද විවිද අක්‍රමවත් කලමනාකරනයන්ද බොහෝ ප්‍රදේශවල ජනතාව කුපිත කිරීමට හේතු වී තිබේ. ගොඩකවෙල නගරයේ ඇතිව තිබු තත්වය පහතින් බලන්න.
