විපක්ෂ නායකගෙන් ජනපතිට දැනුම් දීමක්.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පවසා ඇත්තේ රට වෙනුවෙන් ගන්නා ඕනෑම නිවැරදි හා පොදු තීරණයන් වලදී කොන්දේසි විරහිතව රජයට උපරිම තම පක්ෂයේ සහාය ලබාදෙන බවයි.

ඔහු විසින් මේ බව පැවසා ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) දින  කොළඹදී පැවති වැඩමුළුවක් අමතමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) දින පෙරවරුවේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ මණ්ඩලය  තෝරා ගැණුනු තරුණ නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් කොළඹදී පැවැත්වු අතර මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය, කථානායක, විපක්ෂ නායක සහ පාර්ලිමේන්තු මහලේකම්  මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වී තිබුණි.

Exit mobile version