විපක්ෂ නායක සජිත් සහ ආර්. සම්බන්දන් අතර හමුවක්

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා හමුවීමට අද (26) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්දන් මහතාගේ නිවසට ගොස් තිබුණි.

ඒ රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී ඇති මරු පහර මෙන්ම ආර්ථික වශයෙන් සිදුව ඇති පරිහාණිය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

Exit mobile version