විමල් විරවංශ සහ අජිත් නිවාඩ් කබ්රාල් අතර සාකච්ඡාවක්

රට තුළ පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කර්මාන්ත ක්ෂේත්‍රයට බලපා ඇති ගැටලු පිළිබඳව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සාකච්ඡාවක යෙදි ඇති අතර එහි දී කර්මාන්ත ශාලාවන්හි නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය වන අමුද්‍රව්‍ය සපායා ගැනීමේ දී මතු වී ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු කර ඇත.

මේ වන විට පනවා ඇති ආනයන සීමාවන් එයට බලපා ඇති බවයි කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ.

මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ මේ වන විට ආනයන සීමා ඉවත් කර ඇති කර්මාන්තයන් සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේදී එම කර්මාන්තකරුවන්ට බැංකු මගින් ණයවර ලිපි විවෘත කර ගැනීමට මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සොයා ඒවා විසඳාගැනීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවය.

එසේම විමල් වීරවංශ මහතා විසින් වාහන ආනයන සීමා පැනවීම හේතුවෙන් වාහන එකලස් කිරීමේ කර්මාන්ත සඳහා අවශ්‍ය වාහන මූලික ආකෘති ගෙන්වා ගැනීමට ද බාධා මතුව ඇති බව සඳහන් කර ඇත.

එවැනි බාධා ඉවත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මහ බැංකුව විසින් කඩිනමින් ගැනීමට නියමිත බව ද එහිදී කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කර ඇත.

Exit mobile version