“විමල් වීරවංස කියන පජාති දේශපාලඥයෝ යුක්තිය ඉල්ලන මිනිස්සුන්ට යුක්තිය ඉල්ලන්න දෙන්නෙ නැතුව වංගු ගහනවා”- සුදේෂ් නන්දිමාල් සිල්වා

බන්ධනාගාරයක් යනු විෂෝධනය විය යුතු ස්ථානයක් වුවත් අද වන විට මේවායෙහි කිසිදු විෂෝධනයක් සිදු නොවී වධකාගාරයක් බවට පත්වීම නම් කනගාටුවට කරුණකි.මේ පිළිබඳව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේෂ් නන්දිමාල් සිල්වා සහ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති අන්තර්ජාල සාකච්ඡාවේදී බරපතළ අනාවරණයන් රැසක් සිදු කරන ලදි.

සුදේෂ් නන්දිමාල් මහතා ප්‍රකාශ කර සිටින්නේ මහර බන්ධනාගාරයේ අධිකාරිවරයා නිවාඩු ගොස් සිටි දවසක ඔහු නොදැනුවත්වම බන්ධනාගාර නිලධාරින් විසින් වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා රෝගින් පිරිසක් මහර බන්ධනාගාරයට ගෙනවිත් අනිත් රැදවියන්ටත් කොරෝනා රෝගය වැළදීමට ඉඩ ප්‍රස්ථාව සාදා දෙමින් කටයුතු කළ බවත් මෙහිදී මහර බන්ධනාගාර රැදවියන් පිරිසක් PCR පරීක්ෂණ සිදු කර දෙන ලෙස ඉල්ලූ අවස්ථාවේ එම ඉල්ලීම එකහෙළාම ප්‍රතික්ෂේප වූ බැවින් ඔවුන් එක්ව සාකච්ඡාවක් සිදු කිරීමට යාමේදී ඔවුන්ට අමානුෂික ලෙස පහර දී ඇති බවයි.

එමෙන්ම මෙහිදී කුපිත වූ බන්ධනාගාර රැදවියන් යම් නොසන්සුන්තාවයකට පත් වී ඇති අතර මෙහිදී ඔවුන් මැඩපැවැත්වීමට බන්ධනාගාර අධිකාරිවරයාගේ අණ පරිදි වෙඩි තබා ඇති බවත් සහකාර අධිකාරිවරයාද හතර අතේ වෙඩි තබා රැදවියන් 11 දෙනෙකු සාහසික අයුරින් ඝාතනයට ලක් වූ බවද පවසා සිටී.

මේ අනුව බන්ධනාගාරයේ සිටින සමහරක් මීහරක් ඉහළ පුටුවලට යාමට දක්වන අධික ආශාව හේතුවෙන් පහළ ඉන්නා රැදවියන් බිල්ලට දෙන බවත් රොහාන් රත්වත්ත මහතා ,මෙන්ම නීතිපතිද රැදවියන්ගේ මළ සිරුරු මරණ පරීක්ෂණයකින් තොරව පුළුස්සා දැමිය යුතු යන ස්ථාවරයේ සිටියද ගරු අධිකරණය දුන් තීන්දුවකට අනුව මරණ පරීක්ෂණ සිදු කළ බව සදහන්.

එසේම විමල් වීරවංස කියන පණික්කියා හැම අසූචි ගොඩක්ම ඔළුවේ තියාගෙන වම කියාගෙන දකුණ ට උදවි කරන පුද්ගලයකු බවත් මත්පෙති බෙදා රැදවියන් රැදවියන් අතර ප්‍රශ්නයක් වූ බවට දක්වා තිබෙන විමල් වීරවංස කියන පජාති දේශපාලඥයෝ යුක්තිය ඉල්ලන මිනිසුන් හට යුක්තිය ඉල්ලන්න දෙන්නෙ නැතුව වංගු ගසන බවද පවසා සිටී.

තවද ආයුධ ගබඩාව කඩා ඇත්තේ රැදවියෝ නොවන බවත් නිලධාරින් යටතේ ආයුධ පවතින බවත් බන්ධනාගාරය තුළට මන්න පිහි ගිය හැටි මෙන්ම වෙඩි තියපු අය පිළිබඳවද ඉදිරියේදී දැනගැනීමට හැකිවනු ඇති බවත් පවසා සිටී.

එමෙන්ම මොවුන් කොරෝනා කාලය තුළ හිතාමතා කැරැල්ලක් හදමින් උත්සාහ කළේ නියමාකාරයෙන් කොරෝනා රෝගීන් නොමැතිව නියම විදියට බන්ධනාගාරයක් පාලනය වෙමින් යනකොට එම පාලනයට එරෙහිව මෙම කුමන්ත්‍රණය සිදුවූ බවත් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම සිංහල කොටියෙක් ඔබ යැයි චමුදිත පැවසූ අවස්ථාවේ සුදේෂ් විසින් පවසා ඇත්තේ “සිංහල කොටි මේ රටේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවනම් මිලේච්ඡ ඝාතන කරනකොට ඒවාට එරෙහිව නැගී සිටිනවනම් අපිට සිංහල කොටි කිව්වට කමක්නෑ.සිංහල නරි තමයි ඔය මිලේච්ඡ ඝාතන කර කර කුමන්ත්‍රණය කරමින් මිනිස්සු මරන්නෙ.ඒ නරින්ට විරුද්ධව අපි නැගිටිනවා” යනුවෙනුත් මෙය බන්ධනාගාර නිලධාරින් සිදු කළ මිලේච්ඡ ඝාතනයක් බවත් කිසිම අයෙකුට නීතියෙන් දඩුවම් දෙනවා විනා මිනී මැරිමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවද අවධාරණය කර තිබේ.

එසේම අපරාධකරුවන් සම්බන්ධ සියලුම සාක්ෂි අදාළ ආයතන කරා අප ලබා දී ඇති බවත් ගරු අධිකරණය මුල සිටම හරි තීරණයක සිටි බැවින්,එනම්
• මරණ පරීක්ෂණය සිදු නොකර පිළිස්සීමට ඉඩ නොදීම.
• අපේ නීතිඥවරුන්ට අගතියට පත් පාර්ශව වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි බව රජයේ නීතිඥවරිය පැවසූ නමුත් එයට ඉඩ දීම.
හේතුවෙන් අධිකරණය ස්වාධීනව සිටින බැවින් අපරාධකරුවන් නීතියේ රැහැනට හසු වෙයි යන දැඩි විශ්වාස යක් පවතින බවට ප්‍රකාශ කර සිටී.

මේ බව වැඩිදුරටත් තොරතුරු දැන ගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.
https://youtu.be/iGRtRVVh6z4

Exit mobile version