පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකු හට අල් හුසේන් කුමාරයා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනතාවට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරතවීම හා සංවිධානය කිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ගොනුකර තිබූ පැමිණිල්ලක් අද (13) දින කැඳවනු අවස්ථාවේදී බව වාර්තා වේ.
එම නඩුව කැදවනුලැබූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තුවක් නිකුත් කර ඇති බව සදහන් වේ.
පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව තුල සංචාරයක නිරත වන අවස්ථාවේ මොවුන් එම උද්ඝෝෂණයේ නිරත වූ බව සදහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අතර විමල් වීරවංශ හා ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, රොජර් සෙනෙවිරත්න, මොහොමඩ් මුසම්මිල්, පියසිරි විජේනායක යන 7 දෙනෙකු සැකකරුවන් වශයෙන් නම්කොට ඇති අතර ඔහුන්ගෙන් විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටිම ගැන සළකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් වරෙන්තු නිකුත් කළ අතර එම නඩුව එළබෙන ජූනි මස 19 දින යළි කැඳවීමට නියමිත බව වාර්තාවේ.
