විරෝධතාවලට සහභාගී වුවහොත් රජයේ රැකියා අහිමිවන ලකුණු.

විරෝධතා වලට සහභාගී වන  පුද්ගලයින් හදුනා ගෙන එම තොරතුරු දත්ත බැංකුවක් ලෙස පවත්වා ගෙන යාමට කටයුතු කර එම පුද්ගලයින් සදහා ඉදිරියේදී රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා නොදීමට කටයුතු කරන බවට රජය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

එමෙන්ම මෙසේ විරෝධතාවලට සහභාගී වන පුද්ගලයන් ඉදිරියේදී රජයේ රැකියා සදහා අයදුම්පත් යොමු  කිරීමේදී ඔවුන් එම රැකියාවට නුසුදුස්සන් ලෙස සලකා ඒ සදහා පදනම් ලේඛනයක් සකස් කිරීමට කටයුතු කරන බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.

Exit mobile version