විරෝධතා පෙලපාලි පවත්වන්න එපා. පොලිසියෙන් නිවේදනයක්

අද (20) කොළඹදී විරෝධතා පෙළපාලි නොපවත් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව ඉල්ලා සිටින අතර ඒ සඳහා පොලිස් නිලධාරීන් සූදානම් කර ඇති බව ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සෑම පුරවැසියෙකුට ම භාෂණය, අදහස් ප්‍රකාශ කිරීම සහ සමකාමීව රැස් වීමේ නිදහස ඇති බැවින් එයට බාධා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බව නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කලේය.

“නමුත් යම් කිසි පිරිසක් පවතින නීතියට එරෙහිව විශේෂයෙන් මේ අවස්ථාවේ ඡන්දය ප්‍රකාශයට පත් කරලා තියෙන අවස්ථාවක්. මාර්ගයේ ගමන් කරන කොට වෙනත් මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින්ට වාහනවලට අවහිර වීම් බාධා වීම් සිද්ධ වෙනවා. ඒ වගේම පොදු දේපළවලට හානි වෙන්න පුළුවන්. මේ වගේ පෙළපාළි ගමන් ගත්තොත් එක් වර ම ප්‍රචණ්ඩ තත්ත්වයට හැරෙන්න පුළුවන්. පසුගිය කාලයේ තිබූ අත්දැකීම් අනුව එවැනි පෙළපාලිවලින් රජයේ ප්‍රධාන වැදගත් කාර්යාල සහ මූලික ස්ථානවලට ආරක්ෂාවට පවා තර්ජන එල්ල වුණා. මේ සියල්ල සම්බන්ධයෙන් පොලිසියට සලකා බලන්න සිද්ධ වෙනවා. ඒ නිසා එවැනි සලකා බැලීිමකින් පස්සේ අපි විශේෂයෙන් කියන්නේ පෙළපාලි පවත්වන්න එපා කියන කාරණය මේ තත්ත්වය නිසා.”

පවතින නීති යටතේ පොලිස් නිලධාරීන් කටයුතු කරන බව ත් ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උපදෙස් ලබා දී ඇති බව ත් පොලිස් මාද්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේය.

කෙසේ නමුත් අවස්තා ගනනාවකදීම් අප දුටුවේ පොලිස් නිලදාරීන් හිතා මතාම ගැටුම් ඇති කරන බවයි. ඒ හැර ශ්‍රී ලාන්කික සිවිල් පුරවැසියන් හිතාමතාම ගැටුම් ඇති කලේ නැත. වර්තමාන සිවිල් වැසියන් ගැටුම් ඇතිකල ප්‍රතම අවස්තාව වුයේ 2022 මැයි 9 වැනි දාය. එයද සිදුවන්නේ පොලිසිය දැනුවත්ව බව ප්‍රචලිතය. ඒ අනුව මෙම නිවේදනයට අනුව පෙනී යන්නේ අදත් එවැනිම ප්‍රහාරයක් සිදුවන බව විය හැකිය.

Exit mobile version