විරෝධයට ඇමතිගෙන් රතු එළි

ඛනිජ තෙල් සේවාව පසුගිය මාස 06 තුළ අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඛනිජ තෙල් සේවකයින්ට රතු එළියක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ සදහන් වන්නේ යම්කිසි සේවකයෙක් හෝ වෘත්තීය සමිතියක් එම සේවා කඩාකප්පල් කළහොත් නීතිමය හා විනයානුකුල පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් මේ අතර ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (18) දින පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර මෙලෙස නිවේදනයක් නිකුත් කිරීමට හේතු වී ඇත්තේ මෙම පනත් කෙටුම්පතට විරෝධයන් එල්ල වීමයි.

ඒ අනුව කොලොන්නාව ,සපුගස්කන්ද සහ මුතුරාජවෙල ඉන්ධන බෙදාහැරීම් මධ්‍යස්ථානවල තෙල් සංස්ථා සේවකයින් අද අසනීප නිවාඩු වාර්තා කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් පවසා ඇත.

Exit mobile version