විවාහ මංගල්‍යයේ පෝරුවේ චාරිත්‍ර පමණක් හෝ පැවැත්වීමට අවසර පතයි

බස්නාහිර පළාතේ සුළු පරිමාණ මංගල සැපයුම්කරුවන්ගේ සංගමය විසින් රට විවෘත කිරීමෙන් අනතුරුව පෝරුවේ චාරිත්‍ර පමණක් හෝ සිදු කර විවාහ මංගල උත්සව පැවැත්වීමට අවස්ථාව ලබාදෙන මෙන් ඉල්ලීමක් කර ඇත.

රටේ පවත්නා තත්ත්වය ද සැලකිල්ලට ගනිමින් සුළු පිරිසකගේ හෝ සහභාගීත්වයෙන් එම කටයුතු සිදුකිරීමට අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකරන බවයි ඊයේ (27) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි සභාපති සුමිත් රංගන මහතා සඳහන් කර ඇත්තේ.

Exit mobile version