විශ්‍රාමික ගුරුවරියක් කිඹුලෙකුට බිලි.

අම්බලන්තොට ,පුහුල්යාය ප්‍රදේශයේ දී වලවේ ගගේ දිය නාමින් සිටි කාන්තාවක් කිඹුලෙකුගේ ග්‍රහණයට හසු වී මියගොස් ඇති බව වාර්තා වේ.

75 හැවිරිදි වියේ පසු වූ විශ්‍රාමික ගුරුවරියක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

කිඹුලා විසින් අදාළ කාන්තාව ඩැහැගෙන යාමේදී අසල සිටි පිරිස කෑගැසීමත් සමග කිඹුලා ඇගේ කකුලක් කඩාගෙන ගොස් ඇති බව සදහන්.

අනතුරුව ප්‍රදේශවාසීන් ඇගේ සිරුර ගොඩගෙන රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අම්බලන්තොට , වාදුරුප්ප ප්‍රාදේශීය රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබූ බව සදහන්.

Exit mobile version