ශ්‍රී ලංකාවේ තත්වය ගැන අමුතුවෙන් කීව යුතු නැත . දූෂිත දේශපාලඥයන් සහ දූෂිත නිලධාරීන් එකතුව ” ආඩම්බරකාර ආසියාවේ මුතු ඇටයේ”, ශරීර කොටස එළියේ තබා “ඇටය’ ඇද ලාච්චුවට දමා වසා දමා තිබේ.
දැන් ඔවුන්ම විසින් ඔවුන්ගේම මතු පරපුරද විනාශ කරමින් සීටී. ඔවුන්ගේ සුදානම “ජාතියට පණ නැති කරමින්”, සිංහයන් වීමටයි. තණකොළ නැති බිමක දඩයම් නැති බව නොදත් නූගත් දේශපාලන බලාධිකාරීන් ඊයේ (01) රුපියල් 10 ක් වැනි විශාල මිලකින් ඩිසල් මිල පමණක් අඩු කර තිබේ.
රුපියල් 10 ට ගත හැක්කේ වටිනාකමෙන් අඩුම ටොපි දෙකකි. මීට දශක 5 කට පමණ පෙර රුපියල් දහයක් යනු විශාල මිලකි. එම කාලයට අනුව ඉන්ධන මිල රුපියල් දහයකින් අඩුවීම යනු විශාල මිල අඩු කිරීමකි.
දැනට පවතින ඉන්ධන මිල ලෝක වෙළදපොල සමග ගලපන විට ලංකාවේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 250 ට දිය හැකි බව අප පසු ගිය දිනක වාර්තා කරන ලදී. මහජනතාව නුගතුන් යයි සිතන නූගතුන් පාලනය කරන ශ්‍රී ලංකාවට දැන් විය යුතු සියල්ලම සිදූ වෙමින් පවති.
