පසුගිය දා (28) අත් අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් ලක්ෂ 10 ක බැගින් වූ ශරීර ඇප දෙකක් 2 ක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (04) නියෝග කර තිබේ.
ඊට අමතරව විදේශ ගමන් තහනමක්ද පනවාතිබෙන අතර විදේශ ගමන් බලපත්‍රයද අධිකරණයට භාරදෙන ලෙස නියෝග කර තිබේ.
මෙහිදී ඔහු හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත්කිරීමට අධිකරණය නියෝගකර තිබු අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්ශකුලරත්න මහතා ඔහුගේ චායාරූප සහ වීඩියෝ ප්‍රසිද්ධව තිබෙන නිසා එයට විරෝධය පලකර තිබේ. කෙසේ වෙතත් එම ඉල්ලීම ඉවත ලු මහේස්ත්‍රාත්වරයා ඒ සදහා ඉදිරිපත් කර තිබේ.
එහිදී සාක්ෂිකරු විසින් සැකකරු හදුනාගෙන තිබෙන අතර ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් අදාළ ගැටුමේදී හමුදා වාහන, පොලිස් වාහන සහ ගිලන් රථයකට රුපියල් ලක්ෂ 16 කට අධික හානියක් සිදු වූ බවට් පොලිසිය සදහන් කලද එම අපරාධය තම සේවාදායකයා කල බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමතිබවද සදහන් කර තිබේ. එසේම යුධ හමුදා භටයෙකු ලග තිබී පහර ගත කියවෙන ගිනි අවිය ද තම සේවාදායකයාගේ සන්තකයේ තිබු බවට ඔප්පු කිරීමටද කිසිදු සාක්ෂියක් පොලිසිය විසින් අධිකරණය හමුවේ ඉදිරිපත්කර නොමැති බවද මෙහිදී අනාවරණය විය.
ගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබීම.
ඒ අතර අද දහවල් ගල්කිස්ස අධිකරණය තුලදී නඩුවකට පැමිණි පුද්ගලයෙකුට නාදුනන තුවක්කුකරුවෙකු වෙඩි තබා තිබේ. එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත්හානි සිදු වී නැති අතර අධිකරණය තුලදී වෙඩි තබා පලා යන අතරතුර අධිකරණයෙන් එලියට පැමිණ තවත් වෙඩිල්ලක් තබා තිබෙන බව ඇසින් දුටු සාක්ෂි පවසයි
