අප ඊයේ වාර්තාකල අකාරයටම මේ වන විට ආරක්ෂක හමුදාව ජනතාවට පහර දෙමින් සිටි. මේ වන විට සිරස news frist මාධ්‍යවේදීන් තිදෙනෙකුට විශේෂ කාර්ය බලකාය පහර දී තිබේ. ඒ අතර කාන්තා මාධ්‍යවේදිනියක්ද සිටි. ඊයේ අප වාර්තා කල ආකාරයට වීඩියෝ කරන මාධ්‍යවේදීන්ට පහර දී කැමරා කුඩු කිරීමට නියෝග කර තිබුනේ යුධ හමුදා මේජර් ජනරාල්වරකි. නමුත් ඔවුන්ට නිසි පිළිතුරු ජනතාව ලබා දුන් නමුත් ඔවුන්ගේ අදුරු සෙවනැලි ක්‍රියාත්මක වන බව පැහැදිලිය
මෙසේ පහරදී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිට වාර්තාකරණ කටයුතු කල මාධ්‍යවේදී වරුණ සම්පත්, සරසි පීරිස්, ජනිත මෙන්ඩිස් සහ ශක්ති ටී.වී. මාධ්‍යවේදී සින්දුජන් යන මාධ්‍යවේදීන් මෙලෙස පොලිස් නිලධාරීන්ගේ ප්‍රහාරයට ලක්ව තිබේ.
තුවාල ලැබූ එම මාධ්‍යවේදීන් මේ වන විට ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එක්ෂත් ජාතීන්ගේ සංවිධානය මගින්ද මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඊයේ නිවේදනය කරන ලදී. ඒ ආරක්ෂක අංශවලටය.
මෙසේ පහරදීමට ඔවුන්ට කිසිදු අයිතියක් නැත. ඔවුන්ට පහර දී ඇත්තේ මෙම ජයාරූපවල සිටින පුද්ගලයන් බව සදහන්වේ. මෙහි සිටින්නේ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් නමැති පුද්ගලයෙකු බවද සදහන් වේ.
